ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානය බලා පිටත්ව ගියේය. මෙහි දූත පිරිස ලෙස 20 දෙනෙකු පමණ සහභාගි වී සිටි අතර, ඔවුන් අද (23දා) පස්වරු 1.25ට පමණ පාකිස්තානයේ කරච්චි නුවර බලා පිටත්ව යන ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. -183 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය.