සිව් දින නිල සංචාරයක් සදහා තායිලන්තයට පැමිණි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තායිලන්ත රජ පවුලේ මහා චක්රි සිරින්දෝරන් රජකුමරිය ස්රා පතුම් මාළිගාවේ දී හමුවී ද්වි පාර්ශ්වීය සාකච්ඡා පැවැත් වූහ.
පැයකට අධික කාලයක් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ තායිලන්ත රජකුමරිය අදහස් හුවමාරු කරගත්හ. දෙරටෙහි ආගමික හා සමාජීය සබඳතාව ශක්තිමත් කර ගැනීමත් දෙරටෙහි මිත්රත්වය වඩාත් ශක්තිමත් කිරීම පිළිබඳවත් එහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණි.
තායිලන්තයේ සිවු දින නිල සංචාරය නිම කළ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (04දා) රත්රියේ යළි ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය.
දුමින්ද සංජීව බාලසූරිය තායිලන්තයේ සිට/ ඡායාරෑප සුදත් සිල්වා