ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ට්විටර් ( Twitter) ප්‍රශ්න සඳහා උත්තර සාකච්ඡාව අද (08දා) පෙරවරු 11.30 ට ආරම්භවීමට නියමිතය. සිය ට්විටර් ගිණුම හරහා සම්බන්ධවෙමින් 2014 තරුණ සමුළු නියෝජිතයන් නගන ප්‍රශ්න සඳහා උත්තර මට්ටමේ සාකච්ඡාවක් මෙහිදී පැවැත්වෙනු ඇත.
අදාළ සාකච්ඡාව විනාඩි 45 ක කාලයක් පැවැත්වෙනු ඇති බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කළේය. එය ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල ට්විටර් ගිණුම වන @PresRajapaksa හරහා සිදුවෙයි.