චීන රජයේ විශේෂ ආරාධනාවක් අනුව චීනයේ සිව් දින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (25දා) දහවල් දිවයිනෙන් පිටත්ව ගියේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 868 සාමාන්‍ය ගුවන් යානයෙන් අද දහවල් 1.20 ට පමණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, ජයන්ති සිරිසේන මහත්මිය ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටත්ව ගියහ.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, රවී කරුණානායක, රවුෆ් හකිම්, විජයදාස රාජපක්ෂ යන මහත්වරුන්ද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුථ පිරිසක්ද ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටී.
ඡායාරූප - නලින් හේවාපතිරණ