සිය ඇමෙරිකානු සංචාරය පිළිබඳ හා ජිනීවා යෝජනාව පිළිබඳව ජනාධිපති මෛත්රීපජලා සිරිසේන මහතා මාධ්‍ය වෙත පැහැදිලි කිරීම ආරම්භ කළේය.
ඔහු දක්වන අදහස් කෙටියෙන්
ආණ්ඩුවේ ඇමතිවරු එක්සත් ජාතීන්ගේ ජාතීන්ගේ සංවිධානය ඉස්සරහා උද්ඝෝෂණ කළා.
සමරහර අය එකාධිපති ගඩාෆිත් එක්ක කරට අත දාගෙන හිටියේ.
මම හිතන්නේ අපි හිතා මතා ජාත්‍යන්තර නැති කරගත්තා.
විදුලි පුටුව මාතෘකාව අපි අයින් කර ගත්තා කාටවත් දැන් එක් කතා කරන්න බෑ.
අපි හයිබ්‍රිඩ් අධිකරණය අයිකරගත්තා.
ජනවාරි අට වැනිදා වෙනසක් නොවුණානම් මෙ තත්ත්වය වෙනස් වෙන්න තිබුණා.
සත්‍ය සෙවීම, හානි පූර්ණය වැනි සංකල්ල වලට මූලිකත්වය දී කටයුතු කර යුතුයි.
අපට ඉදිරිපත් කර තිබෙන්නේ යෝජනාවක් කවුරුවත් අණ කරලා නෑ.
දේශීය යාන්ත්‍රණයක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරනවා.
අපිට කවුරුත් නියෝග කරලා නෑ.
රටේ ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් තවුරු කරන්න ඉල්ලා තියෙන්නේ.
සංහිදියාව ශක්තිමත් කිරීම අපේ ආණ්ඩුවේ මූලික ප්‍රතිපත්තියක්.
දරුස්මාන් වාර්තාව, එල්.එල්.සී. වාර්තාව ඇතුළු වාර්තා පහක් අපට තිබෙනවා.
ජිනීවා යෝජනාව මම බලන්නේ මධ්‍යස්ථවයි. එය ක්‍රියාත්මක කරද්දී ගැටලු එනවානම් ඒවා එපි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට ඉදිරිපත් කරනවා.
අපි අඩියෙන් අඩිය ඉස්සරහට යනවා.
ඛේදවාචයක් ඇති නොවීමට මමත්, අගමැතිතුමත් ආණ්ඩුවක් කටයුතු කරනවා. මේ කාර්යය නිතිගරුකව ඉදිරිපත් කරනවා.
හෙට උපදින දරුවන් සඳහා සුබවාදී අනාගතයක් හදනවා.
මේ වගේ යෝජනා අපට පමණක් නෙමෙයි තවත් රටවල් කිහිපයකට ඉදිරිපත් වෙලා තියෙනවා.
චෝදනාවට ලක්වන අයට නිදහසට කරුණු කියන්න අවස්ථාව දෙනවා. එය ශ්‍රී ලංකා හමුදාවට මෙන්ම විවෘතයි.
මරාගෙන මැරෙන ඉලක්ක පහකට මුහුණදුන්න කෙනෙක් මම.මම තනියම තීරණ ගන්න කෙනෙක් නෙමයි.
මේ පිළිබදව අදහස් හුවමාරු කර ගැනීමට සර්ව පාක්ෂික දේශපාලන හමුවක් කැඳවනවා. අාගමික නායකයින්ගේ සමුළුවක් ඉතාම ඉක්මනින් කැඳවනවා.
රටින් පිට සිටින උගතුන් හා බුද්ධිමතුන්ගේ අදහස් ලබා ගැනීමට හමුවක් බලාපොරොත්තුවෙනවා.
යෝජනා ඉදිරිපත් වුණාම ජාතිවාදී අන්තවාදී කරන ප්‍රකාශ දැක්කා.
අපේ ඊනියා දේශපාලන ඇත්තෝ කියලා තිබ්බා අපි ඇමෙරිකානු ගැත්තෙක් කියලා.
අපි ඉදිරියට පෙන්වන්නම් අපි කවුද කියන එක.
එවැනි චෝදනා ඉදිරිපත් කිරිමඅ අවස්ථාව තිබෙනවා.
ජිනීවා ප්රශ්නය සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කිරීමේදී ඒ අය බලන්නේ අග ඉදලා. ප්‍රශ්නයක් බලද්දී මුල මැද හා අග බලන්න ඕන.
සියලු ප්‍රතිවාදීන් දෙස බැලිමේදී, ප්‍රශ්න දෙස බැලීමේදි ධාර්මික පාලනයක් තුළ ඉතා පැහැදිලිව මේ සියලු දේවල් වලට ආශීර්වාද ලැබෙනවා කියනවා.
යමෙක් ධර්මය අනුම ක්‍රියාත්මක කිරිමේදි ධර්මය විසින් ඔහුව ආරක්ෂා කරනවා.
රටින් පිටසිටින ඊළාම් වාදී සංවිධාන 37ක් මේ යෝජනාවට විරුද්ධ වෙලා තියෙනවා.
මතවාදි ඊළාම්වාදී රටින් පිට ඉන්නවා. ඔවුන් ප්‍රබල සංවිධාන ලෙස මුදල් එකතුකරනවා.
වයිකෝ චෙන්නායිවල පෙළපාලි යනවා මෙයට විරුද්ධව.
මහින්ද මහත්මයට තවත් අවුරුදු දෙකක් තියෙද්දී ඇයි ඡන්දයක ගියේ කියලා අදටත් කියලා නෑ.
සාස්තරකාරයේ කියපු නසා ගියා කියලයි කියන්නේ.
සාස්තර කාරයන්ට මම ස්තූතිවන්ත වෙනවා. එහෙම නොවුණාම් එක්සත් ජාතීන්ගේ සමුළුව අමතන්නේ මහින්ද මහත්තයානේ. ඒ අය හොඳට ජ්යෝතීෂය බලල තියෙනවා.
රටට බරක් නොවන ලෙසට මේ ප්‍රශ්න විසඳිමට කටයුතු කරනවා.