මේ මොහොත වන විට ජනාධිපතිවරයා,අගමැතිවරයා සහ කථානායකවරයා විදෙස් ගතවී සිටින බැවින් රට අරාජිකවීමට ඉඩ ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිශ මහතා අද (18දා) පැවසීය.
බොරැල්ල ඇන්.ඇම් කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා,
“ මේ වෙලාවේ මේ රටේ ජනාධිපතිත් නැහැ.අගමැතිත් නැහැ. කථානායකත් නැහැ. අපේ ආණ්ඩුව තිබුණු කාලයේ ජනාධිපති නැත්නම් අගමැති අනිවාර්යයෙන් හිටියා. කථානායක කොහොමත් හිටියා. මේ අය රටක් පාලනය කිරීම ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ. අගමැති යනවා කියලා ජනාධිපති දන්නේ නැහැ. ජනාධිපති යනවා කියලා අගමැති දන්නේ නැහැ. මේ දෙන්නම යනවා කියලා කථානායක දන්නේ නැහැ.අන්තිමට බලද්දී තුන්දෙනාම රට ගිහිල්ලා. පාරේ යන කොල්ලෙකුට හරි කියන්න ජනාධිපතිකමයි,අගමැතිකමයි අරගන්න කියලා. නැත්නම් රට අරාජික වෙනවා"යනුවෙන් පවසා සිටියේය.
ඡායාරූප-ඒශාන් ප්‍රනාන්දු