ජනතාවගේ අයිතිවාසිකම් මෙන්ම නිදහස තහවුරු කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එංගලන්ත අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතාට පවසා තිබේ.
එංගලන්ත අග්‍රාමාත්‍යවරයා හා ශ්‍රී ලංකා ජනපති අතර ඊයේ (10) පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඕනෑම සංවර්ධනයක් සඳහා අවශ්‍ය උපකාරය ලබාදීමට එංගලන්තය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා සඳහන් කර තිබේ.