හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඵෙතිහාසික යාපහුව රාජමහා විහාරය වැඳ පුදාගැනීම සඳහා ඊයේ (18දා) එහි පැමිණියාය.මහනුවර ගොස් මල්වතු - අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැකීමෙන් පසු හිටපු ජනාධිපතිනිය මෙම සංචාරය සඳහා පැමිණියාය.
ඵෙතිහාසික යාපහුව රාජධානියේ සිරි නැරඹූ ඇය එම අවස්ථාවේදී එහි සංචාරය සඳහා පැමිණ සිටි දෙස්විදෙස් සංචාරකයන් සමග සුහද කතාබහකද යෙදුණාය. යාපහුව රජමහා විහාරාධිපති මීගම්මන සිරිරතන හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් කුමාරතුංග මහත්මියට පිරිත් නූල් බැඳ සෙත්පිරිත් සජ්ඣායනා කොට ආශිර්වාද කළහ.