කුරුණෑගල නගරයේ රථවාහන රාජකාරි කටයුතු සිදුකළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් එක් අයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තොරතුරු සපයන්නෙකුට රුපියල් ලක්ෂ 10 ක මුදල් ත්‍යාගයක් ලබාදීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
සුදු පැහැති වෑන් රථයකින් පැමිණි මෙම පැහැර ගෙනයාම සහ ඝාතනය සිදුකර තිබෙන බවට තොරතුරු වාර්තාවන බවත්, මේ අනුව අදාළ වෑන්රථය පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව අංක 0774-784648 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.
බඩගමුව රක්ෂණ වනාන්තරය අසලදී අද (06දා) උදේ 2.00 ට පමණ මියගිය පොලිස් නිලධාරියා, ඝාතනය කර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.