හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා තිබූ හමුදා නිලධාරීන් 50 දෙනාගෙන් 25 දෙනෙකු ඉවත්කර ඇති බව වාර්තා වෙනවා. ඒ වෙනුවට ඔහුගේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් 25 දෙනෙකු යොදවා තිබෙන බවත් වාර්තා වෙනවා.
අද (12දා) පෙරවරුවේ සිට ක්රියාත්මක වෙන පරිදි හමුදා නිලධාරින් ඉවත් කර තිබේ. පසුගියදා ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ තමා ලබාදී ඇති හමුදා ආරක්ෂාව ඉවත් නොකරන ලෙසයි.