පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ MH 370 මැලේසියානු යානය අවසන් වරට ගුවන්ගත වීමට පෙර යානයේ නියමුවාට ජංගම දුරකථනයකින් විනාඩි 2ක ඇමතුමක් ලබාගත් කාන්තාව පිළිබඳ පරීක්ෂණ අරඹා ඇති බව කියැවෙයි.
අතුරුදන් වූ යානයේ ප්‍රධාන නියමුවා වූ සහාරි අහමඩ් ෂාහ් වෙත මෙම අවසන් ඇමතුම ලබාදුන් අබිරහස් කාන්තාව අදාළ දුරකථන අංකයේ සිම්පත ව්‍යාජ තොරතුරු ලබාදී මිලදී ගෙන ඇති බව මේ වනවිට හෙළි වී තිබේ. ඒ අනුව, ගුවන් යානය අතුරුදන් වීම හා මෙම දුරකථන ඇමතුම අතර සම්බන්ධතාවක් ඇතිද යන්න පිළිබඳ විමර්ෂණය කෙරේ.
මේ අතර, යානයේ සුන්බුන් විය හැකියැයි විශ්වාස කෙරෙන තවත් චන්ද්‍රිකා ඡායාරූප පෙළක් ප්‍රංශය විසින්ද නිකුත් කර තිබේ. ඒ අනුව, යානයේ සුන්බුන් බවට සැක කෙරෙන කොටස්වල චන්ද්‍රිකා ඡායාරූප ඔස්ට්‍රේලියාව, චීනය හා දැන් ප්‍රංශය විසිනුත් ප්‍රසිද්ධ කිරීම සමග යානය සොයා සිදුකරන මෙහෙයුම් තවදුරටත් පුළුල් කර ඇති බවද පැවසෙයි.
සිවුවැනි දිනටත් දකුණුදිග ඉන්දීය සාගරයේ සෝදිසි මෙහෙයුම් කඩිනම් කිරීම සඳහා චීන හමුදා ගුවන් යානා දෙකක් ඔස්ට්‍රේලියාවේ පර්ත් ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
යානයේ ගමන් කළ පිරිසෙන් වැඩි කොටසක් චීන ජාතිකයන් වීම හේතුවෙන් මෙම සිදුවීම හසුරුවන ආකාරය පිළිබඳව බෙයිජිං පාලනය විසින් මැලේසියාව දරුණු ලෙස විවේචනය කරමින් සිටී.
මේ අතර, උතුරු කලාපයේ සිදුකරන මෙහෙයුම් වැඩි කිරීම සඳහා චීනයේ තවත් හමුදා ගුවන්යානා දෙකක් මැලේසියාව වෙතද පිටත්කර යවා තිබේ.
පර්ත් හි සිට ඉන්දියානු සාගරයේ මෙහෙයුම් සඳහා යානා 8ක් පමණ මේ වනවිට ඇති අතර, ඩෙන්මාර්කය තරම් විශාල ප්‍රදේශයක් මෙහිදී නීරීක්ෂණය කෙරෙයි.