කිරිල්ලවල පාසලක ප්‍රාථමික අංශයේ විදුහල්පතිනියක් සේවයට වාර්තා කර, රාජකාරි වෙලාවේදී මෙවර බස්නාහිර පළාත් සභා මැතිවරණ අපේක්ෂකයෙකු හමුවීමට ගිය බවත්, ඒ පිළිබඳව සොයාබලන ලෙසත් ලංකා ගුරු සංගමය අද (18දා) කැලණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියගෙන් හා පළාත් ආණ්ඩුකාර ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළේය.
එම පාසලේ ප්‍රාථමික අංශය භාර විදුහල්පතිනිය පාසල් කාලයේ අපේක්ෂකයෙකු මුණගැසුණු අවස්ථාවේ ප්‍රථමික අංශයේ සිසුවෙකු හදිසි අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වී ඇති අතර, මැතිවරණ අපේක්ෂකයා මුණගැසීමට පාසල් කාලයේ හමුවීමට යාම තරයේ හෙළාදකින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.