නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයේ විනයභාර ගුරුවරියක වූ ප්‍රියාණි සුසිලා හේරත් ගුරු මහත්මිය දණගස්වා පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ආනන්ද සරත් යන අයට වසර 02 ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම කළ එය වසර හතකට අත්හිටවීමට පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියම කළේය.
එසේම රු. 50,000 ක දඩ මුදලක් හා අගතියට පත් පාර්ශ්වයේ ගුරුවරියට රුපියල් ලක්ෂ 03 ක වන්දි මුදලක් ගෙවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.
ලක්ෂ 03 ක දඩ මුදල නොගෙවන්නේ නම් වසරක සුළුවැඩ සහිත සිරදඬුවමක්ද නියම කෙරිණි.