වයස අවු. 58 -59 ත් අතර විශ්‍රාම වයසට ආසන්න වයසේ පසුවන ගුරුවරුන්ට ජාතික පාසල් ගුරු මාරු වැඩසටහන යටතේ සහනයක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව මෙම මස අවසානයේදී සිදුකිරීමට නියමිත එකම ජාතික පාසලක වසර 10කට වඩා වැඩි කාලයක් සේවය කළ 6 – 11 ශ්‍රේණිවල ගුරුවරුන්ගේ ස්ථාන මාරු වැඩසටහනේදී විශ්‍රාම යාමට ආසන්න ගුරුවරුන්ට ඔවුන්ගේ කැමැත්ත මත ඔවුන් සේවය කරන පාසලේම විශ්‍රාම යන තෙක් රාජකාරි කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
මාර්තු මස අවසන් සතියේ දී 6 – 11 ශ්‍රේණිවල ගුරුවරුන් 5500කට ආසන්න පිරිසකට අදාළ ගුරුමාරු ලබාදීමට නියමිත අතර, ඒ සඳහා වන රාජකාරි ලිපි ජාතික පාසල් විදුහල්පතිවරුන් හරහා ගුරුවරුන් අතට පත්කිරීමට නියමිතය.