මහනුවර පිහිටි වසර දෙසිය පනස් හයක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුතු ගිරාගම වලව්ව සංරක්ෂණය කොට එහි උඩුමහල සංචාරක තානායමක් බවට පත්කිරීමට මහනුවර මහ නගර සභාවත් මධ්‍යම සංස්කෘතික අරමුදලත් කටයුතු සැලසුම් කර ඇත.
සංස්කෘතික අරමුදලින් හා මහනුවර මහ නගර සභාව විසින් රුපියල් මිලියන හතක් වැය කොට සංරක්ෂණය කෙරෙන මෙම ඉපැරණි ගොඩනැගිල්ල මේ වසර අවසාන වීමට ප්‍රථම පැරණි කෞතුක වටිනාකම ආරක්ෂාවන ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව විදේශීය සංචාරකයන්ගෙන් ආකර්ශනය දිනාගන්නා ස්ථානයක් බවට පත් කිරීම වැඩපිළිවෙළේ මූලික අරමුණ වී ඇත.