අයවැය යෝජනාවක් අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද (23දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩුවන බව ලිට්රෝ ගෑස් සමාගමේ විධායක සභාපති ශලීල මුණසිංහ මහතා පවසයි.
මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, කි.ග්රෑ.12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල කොළඹ නගර සීමාව තුළ රු.1,346/- ක් දක්වාද, කි.ග්රෑ.5 ගෑස් සිලින්ඩරයක මිල රු.572/- ක් දක්වාද, කි.ග්රෑ.2.5 ගෑස් සිලින්ඩරයක මිල රු.273/- ක් දක්වාද අඩුවන බවද පෙන්වා දෙයි.
අයවැයට පෙර කි.ගෑ.12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු.1,496/- ක්ව පැවතිණි.