හෝමාගම කටුවන පාරේ කර්මාන්ත පුරය තුල පිහිටි මුහුදු ආහාර නිපදවන කම්හලක ඊයේ රාත්‍රියේ ඇති වූ ගෑස් කාන්දුවකින් 23 දෙනෙකු පමණ රෝහල් ගතකර ඇත. ආසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන් කිසිවෙකු නොමැති අතර මේ වන විට රෝගීන් මූලික ප්‍රතිකාර අංශයෙන් වාට්ටු වලට ඇතුලත් කල බව හෝමාගම රෝහලේ අධ්‍යක්ෂක ප්‍රදීප් රත්නසේකර මහතා පැවසූහ.
තිලක් ඇල්විටිගල