ගාල්ල දිස්ත්රික්කයෙන් ෂාන් විජයලාල්ද සිල්වා මහතාත්, ගම්පහින් ප්රසන්න රණතුංග මහතාත් මනාප ප්රතිඵල ලැයිස්තුවේ අංක එක හිමිකර ගෙන ඇත. ගම්පහ දිස්ත්රකික්යෙන් තරග කළ ප්රසන්න රණතුංග මහතා මනාප 249678ක් හිමිකරගෙන තිබේ. එය මෙවර පළාත් සභා මැතිවරණයේදී වාර්තාවූ වැඩිම මනාප ප්රතිඵලයද වෙයි. ශාන් විජයලාල් ද සිල්වා මහතා මනාප 95960 ලබාගෙන තිබේ.
ගාල්ල දිස්ත්රික්කයෙන් සන්ධානයෙන් දෙවැනියාට මනාප ලබාගෙන ඇත්තේ ආරියතිලක උඩලමත්ත ගමගේ දයාවංශ මහතාය. ඔහු මනාප 48289 ලබා ඇත. එම දිස්ත්රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයේ පෙරමුණේ සිටින්නේ මනාප 32030 ක් ලබාගත් බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාය. ප්රජාතන්ත්රවාදී පක්ෂයේ අමරසිරි කුරුවගේ මහතා මනාප 8336 ක්ද, පත්මසිරි ද සිල්වා මහතා 6062 ක්ද, ජනතා විමුක්ති පෙරමුණේ නලීන් හේවගේ මහතා 1009 ද ලබා දකුණු පළාත් සභාවට තේරී පත්ව තිබේ.
අමිත් මධුරංග/රවිඳු දියගහගේ/ගයාන් මධුශංඛ