ග්ලයිෆොසේට් තහනම තවදුරටත් ඒ ආකාරයෙන් පවත්වාගෙන යනවාද නැත්ද පිළිබඳව තිරණය කිරීමට කමිටුවක් පත්කිරීමට අද (27දා) පැවැති කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
සෞඛ්‍ය, කෘෂිකර්ම හා වැවිලි ක්ෂේත්රයට සම්බන්ධ විශේෂඥයින්ගෙන් මෙම කමිටුව ස්ථාපිත කිරීමට නියමිතය. එහි නිරීක්ෂකයන් ලෙස අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, නවීන් දිසානායක, දුමින්ද දිසානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමි පත්කර ඇත.
ග්ලයිෆොසේට් තහනම 2015දී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ක්‍රියාවට නැංවීය. වකුගඩු රෝගයට එක් හේතුවක් බවට ග්ලයිෆොසේට් බලපාන බවට ප්රකාශවීමත් සමගින් එය තහනම් කෙරිණි.
කෙසේ වෙතත් මේ වන විට ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇත.