ගලේවෙල කැකිරාව ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තේවහුව ප්‍රදේශයේ විරෝධතාවක් නිසා එම මාර්ගය අද (20) වසා තිබිණ.
මෙයට හේතුව ගලේවෙල ,ගල්බොක්කයාය ගම්මානයට ප්‍රවිෂ්ඨ වන මාර්ගය සහ ප්‍රදේශවාසීන් වාර්ෂිකව දන්සැල් පවත්වන පොදු භූමිය එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් හයදෙනෙකුට ලබාදීමට විරෝධය ප්‍රකාශ කරමින් ගම්වාසීහු මෙම විරෝධතාව පැවැත්වූහ.
එස්.කරුණාරත්න