තමා විදුලිබල පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය බාරගෙන මාස 10 ක් පමණ වන බවත්, තමා විසින් මෙය බාරගන්නා අවස්ථාව වනවිට වසර 05 ක් තිස්සේ එකම සමාගමක් මගින් ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩරය ලබාගෙන ඇති බවත්, මේ වනවිට ඕනෑම සැපයුම් සමාගමකට පැමිණ ලියාපදිංචි වී ටෙන්ඩරය ලබාගත හැකි පරිදි ක්‍රමවේදයක් සකසා ඇති බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ පරිශ්‍රයේදී විෂයභාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
මෙම ගැටළුවේ පවතින අතිප්රබලත්වය මත අදාළ නිලධාරීන් වටා විශාල බලවේගයන් ගොඩනැගෙන බැවින් මේ සම්බන්ධයෙන් වන සත්‍ය හා නිවැරදි තොරතොරු ජනතාවට ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. ඉදිරියේදී වඩාත් තරඟකාරී ලෙස මෙම මිලදී ගැනීම් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත්, මිලදී ගැනීම් ක්‍රමවේදය පිළිබඳව සහ පසුගිය මිලදීගැනීම් සම්බන්ධයෙන් විවෘත ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට තමා බලාපොරොත්තුවන බවද, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුයේ අද අමාත්‍යාංශයේ පැවති හමුවකදීය.
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් නොරොච්චෝල ගල් අඟුරු විදුලි බලාගාරය සඳහා ගල් අඟුරු මිලදීගැනීමේ ක්‍රමවේදය සම්බන්ධව පුරවැසි බලය පෙරමුණේ සාමාජිකයන් වෙත වැඩිදුර කරුණු පැහැදිළි කිරීමක් අද (12) පෙරවරුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ පරිශ්‍රයේදී විෂයභාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අමාත්‍යාංශ ලේකම් බී. එම්. එස් බටගොඩ සහ ලංවිම සභාපති අනුර විජේපාල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර පුරවැසි බලය පෙරමුණේ සාමාජිකයන් වශයෙන් සමන් රත්නප්‍රිය, ජෝසෆ් ස්ටාර්ලින්, ජනරංජන සහ ගැමුණු විජේරත්න යන මහත්වරුන් මේ සඳහා සහභාගී වූහ.