බස්නාහිර පළාත් සභාවේ මැතිවරණයට ඉදිරිපත්වන ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් අපේක්ෂකයින් 43දෙනා සිය වත්කම් බැරකම් ප්‍රකාශ ගම්පහ සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙත ගම්පහ දිසා ලේකම් කාර්යාලයේදී අද (8දා) භාරදෙන ලදී.
බස්නාහිර පළාත් සභාවට මෙවර තරඟ කරන ප්‍රධාන දේශපාලන පක්ෂයක අපේක්ෂක කණ්ඩායමක් වත්කම් සහ බැරකම් ඉදිරිපත් කළ ප්‍රථම අවස්ථාව මෙය බව පැවසෙයි.
මෙවර ගම්පහ දිස්ත්‍රික්කය සදහා පළාත් සභා මන්ත්‍රීවරුන් 40 දෙනෙකු තෝරා ගන්නා අතර ඒ සදහා ලියාපදිංචිවී ඇති ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව 1,509,076කි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13ක ජීවත්වන පවුල් 593,317කට අයත් 2,294,641 ජනගහනයක් ගම්පහ දිස්ත්‍රික්කයේ වාසය කරති.