ඇ.ඩොලර් 31,100 බැගින් වූ ආසන 42 දොර දෙකේ බස් රථ 800 ක් හා ඇ.ඩොලර් 34,100 බැගින් වූ ආසන 54 අර්ධ සුඛෝපබෝගී බස් රථ 1,400 ඉන්දියානු අශෝක් ලේලන්ඩ් සමාගමෙන් මිලදී ගැනීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සැරසෙයි.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට නව බස රථ 2,200ක් මිලදී ගැනීම සඳහා කතිකා කිරීමට පත් කරන ලද කැබිනට් අනුකම්ටුවේ නිර්දේශ මත ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
මගීන්ට වඩාත් පහසු ප්‍රවාහන සේවයක් ලබාදීම සඳහා මෙම පියවර ගෙන ඇති බව පැවසෙයි.