අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගයේදී ගණිත විශයේ සාධනය ඉහළ දැමීම සඳහා මහජන අදහස් විමසීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමු කොට තිබේ. ගණිත විශයේ සාධනය නැංවීම සඳහා පත්කළ උපදේශන කමිටුව ක්ෂේත්‍ර පහක් පිළිබඳව මහජන අදහස් ලබා ගැනීමට අපේක්ෂා කර තිබේ.
ඒ අනුව,
01. විෂය මාලාව හා ගණිත විෂය නිර්දේශ.
02. ගණිත පෙළ පොත්, ගුරු උපදෙස් සංග්‍රහය යනාදී ඉගෙනුම් හා ඉගැන්වීම් ආධාරක.
03. ඇගයිම් ක්‍රමය, පාසල් පදනම් කර ගත් ඇගයිම් හා පොදු සහතික පත් විභාග.
04. ගණිත ගුරු බඳවා ගැනීම, ස්ථානගත කිරීම, පුහුණු කිරීම සහ ගණිත ගුරු කාර්ය මණ්ඩලයේ හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ගුණාත්මකභාවය.
05. අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හා අධ්‍යාපන දෙපාර්තමේන්තු අතර ගණිත විෂයය සංවර්ධනයෙහිලා පවතින කාර්යානුබද්ධ සම්බන්ධීකරණය.
යන කරුණු පහ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය මහජන අදහස් ලබාගැනීමට නියමිතය.
මේ සඳහා මහජන අදහස් සභාපති, විශේෂ ගණිත උපදේශක කමිටුව, ගණිත ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට එලඹෙන 10දාට ලිපිනයට යොමු කරන ලෙසත් අස්යාපන අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම මහතා පැවැසීය.