නාවික හමුදා නිලධාරියෙකු විසින් ගජමුතුවක් හා ඇත් දළ විදේශිකයෙකුට අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටියදී හික්කඩුව සංචාරක හෝටලයක් අසලදී හික්කඩුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ගජමුතුව ග්‍රෑම් දහයක් හා මිලි ග්‍රෑම් 71 ක් බරැති බව පොලීසිය සඳහන් කරයි.
හික්කඩුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ගජමුතුව හා ඇත් දළ අම්පාර, ලාහුගල ප්‍රදේශයෙන් රැගෙන ආ බවට සැකකරු පොලීසියට පවසා ඇත.
සැකකාර නාවික නිලධාරියා ඇල්පිටිය, ඇත්කඳුර, දිවිතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හිනිඳුම රවීන්ද්‍ර ශ්‍රී ලාල්