කොළඹ යුනියන් පෙදෙසේ නීතිවිරෝධී සූදු පොළක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් එම ස්ථානයේ අයිතිකාරිය වන වජිරා ජානකී නෙත්තිකුමාර නැමැති ව්යාපාරික කාන්තාවට විරැද්ධව මේ මස 27 වැනිදාට අධිකරණය හමුවේ චෝදනා පත්රයක් ගොනුකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා කොම්පඤ්ඤවීදිය පොලීසියට අද (13දා) නියම කළේය. සිද්ධියට සම්බන්ධ සැකකාරිය අද (13දා) අධිකරණයේ පෙනී සිටි අතර, ඇය මේ වනවිට ඇප මත නිදහස් වී සිටියි.