කොළඹ සමථ මූල මණ්ඩලයට ගිය වසරේ (2013) ලැබුණු ආරවුල් පැමිණිලි 6991 ක් අතරින් 1560 සමථයකට පත් කළ බව එහි සභාපති පූජ්‍ය මාදම්පාගම අස්සජි හිමියෝ පැවසූහ.
ලැබුණු මුළු ආරවුල් ප්‍රමාණය අතරින් 4114 ක් විභාග කළ බවද, උන්වහන්සේ පැවසූහ. පොලිසි 16 ක් සහ බැංකු මූල්‍ය ආයතන 48 ක් කොළඹ සමථ මූල මණ්ඩලයට අයත්ය.
මේ අතර, අස්සජි හිමියන් සඳහන් කළේ කොළඹ සමථ මූල මණ්ඩලය කරගෙන යාමට ස්ථානයක් නොමැතිකමින් බලවත් දුෂ්කරතාවකට මුහුණ දෙන බවයි. සිටින සමථකරුවන් 24 දෙනා ප්‍රමාණවත් නොවන බවද උන්වහන්සේ පෙන්වා දෙති.