කොළඹ වරායෙහි ගුදම් (warehouse) පහසුකම් පුළුල් කිරීමට පියවර ගෙන ඇති අතර එහි පළමු පියවර යටතේ ඉදිකෙරෙන CFS 01 ගුදම හෙවත් CFS 01 බහලු ගත නැව් බඩු මෙහෙයුම් මධ්‍යස්ථානය ලබන මස 10 වැනිදා විවෘත කිරීමට නියමිත බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. වර්ග මීටර 5400 ක ප්‍රමාණයකින් යුක්ත එම බහලු මෙහෙයුම් නැව් බඩු මධ්‍යස්ථානය , අර්ධ පූර්ණ බහලු මෙහෙයුම් සහ ප්‍රති අපනයන නැව් භාණ්ඩ මෙහෙයුම් ඉලක්ක කර ඉදිකර ඇත.