කොළඹ වරායෙහි ගුදම් (warehouse) පහසුකම් පුළුල් කිරීමට පියවර වරාය අධිකාරිය පියවර ගෙන තිබේ. එහි පළමු පියවර යටතේ ඉදිකෙරෙන CFS 01 ගුදම ශ්රී ලංකා වරාය අධිකාරියේ 37 වැනි සංවත්සරයට සමගාමීව ලබන මස 10 වැනිදා විවෘත කිරීමට නියමිත බව ශ්රී ලංකා වරාය අධිකාරිය පැවසීය. වර්ග මීටර 5400 ක ප්රමාණයකින් යුක්ත එම ගුදම, අර්ධ පූර්ණ බහලු මෙහෙයුම් සහ ප්රති අපනයන නැව් භාණ්ඩ මෙහෙයුම් ඉලක්ක කර ඉදිකෙරේ.