කොළඹ මූලික කරගෙන සමාජ ජාල වෙබ් අඩවි හරහා සිදු වනවායැයි කියන වකු ගඩු ජාවාරම සඳහා සම්බන්ධ ඉන්දීය ජාතිකයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය පොලීසිය සමත්ව තිබේ.
අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් ගන්ටර් හා චෙන්නායි ජාතිකයන් වන බව 'ද හින්දු' පුවත් සේවය පෙන්වා දුන්නේය.
ඉන්දියාවේ හයිද්‍රාබාද් සිට කොළඹට පැමිණි ඉන්දීය තරුණයෙක් වකුගඩු ජාවාරමක් හේතුවෙන් පසුගියදා මියගොස් තිබුණ අතර ඒ පිළිබඳව ඉන්දියාව විසින් විශේෂ විමර්ශණයක් ආරම්භ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.