කොළඹ පිටත අධිවේගී මාර්ගයේ පළමු අදියර වූ කඩුවෙල කොට්ටාව සඳහා වන මාර්ග කොටසේ ප්‍රවාහන ගාස්තු නිකුත් කිරීමට වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කරනු ලැබීය.
ඒ අනුව කඩුවෙල සිට කොට්ටාව දක්වා වන මාර්ග කොටසේ ධාවන වන සැහැල්ලු වාහන සඳහා රු. 100 ක මුදලකුත්, මගී ප්‍රවාහන වාහන සඳහා (බස් රථ) රුපියල් 250 ක මුදලක් අය කරන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂක ටී.කේ. රණවක මහතා පැවසීය. කඩුවෙල සිට මාතර දක්වාවන අධිවේගයේ නව ගාස්තු පහත පරිදි වෙයි.
වාහන වර්ගය
|
කඩුවෙල - කොට්ටාව
|
කඩුවෙල - ගාල්ල
|
කඩුවෙල - මාතර
|
සැහැල්ලු
|
රු. 100
|
රු. 450
|
රු. 600
|
මගී ප්‍රවාහන
|
රු. 250
|
රු. 1400
|
රු. 1800
|