කොහුවල බලපොකුණ පාරේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයකට අද උදෑසන 10.20 ට පමණ පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙක් ගිනි අවි පෙන්වා මුදල් කොල්ලකා පාලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
කොල්ලකරුවන් විසින් බැංකුවේ මුදල් රුපියල් ලක්ෂ 15 ක් ගනුදෙනුකරුවෙකුගේ රුපියල් 55000ක මුදලක් කොල්ලකා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
රතුපැහැති ට්‍රේල් යතුරුපැදියකින් මංකොල්ලකරුවන් පැමිණ ඇති බවට දැනට කරුණු අනාවරණය වී ඇති අතර, ඒ ඔස්සේ පරීක්ෂණ කටයුතු සිදුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.