වෙනුෂාගේ සියදිවි නසාගැනීමේ සිද්ධියට සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂණ අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පති සමන් ඉන්ද්‍රරතන මහතා රුපියල් 25,000/ක මුදල් ඇපමත හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත අද (19දා) මුදාහැරීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා නියෝග කළේය.
ඊට අමතරව මාර්තු මස තුන්වැනි දින නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සැකකාර විදුහල්පතිවරයාට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.