බොදුබල සේනාව හෝ ජාතික බල සේවාව ඇතුළු කිසිදු සංවිධානයකට ආගමික සමගියට හානි වන අයුරින් කටයුතු නොකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද (05දා) අවවාද කළේය.
ජාතික බල සේනාව විසින් කොළඹ නිපෝන් හෝටලයේ පැවැත්වීමට ගිය මාධ්‍ය සාකච්ඡාව සඳහා බොදුබල සේනා සංවිධානය විසින් බාධා කළා යැයි කියන සිදුවීමට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා එසේ අවවාද කළේය.
එසේම මෙම නඩුව ජූනි මස 09 වැනිදාට කල් තැබීමටත්, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා 04 නමක් හා තවත් පුද්ගලයන් දෙදෙනෙක් රුපියල් 100,000 බැගින් වූ මුදල් බැඳුම්කර මත මුදාහැරීමටත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.