එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රධාන අවි සැපයුම්කරු කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී.ට විරුද්ධව හැකි ඉක්මනින් නඩු පවරන ලෙස හෝ ඉන්දියාවට භාරදෙන ලෙස එ.ජා.ප.ය ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය.
රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාව විභාගයට ගැනුණු අවස්ථාවේදී එම යෝජනාව ස්ථිර කරමින් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මෙකී ඉල්ලීම කළේය. කේ.පී. යනු ආරක්ෂක අංශ හා පොලිස් සාමාජිකයන් 78,100 ක මරණවලට සම්බන්ධ වූ අයෙකු බැවින් ඔහුට විරුද්ධව නඩු පැවරීම ඉතා අත්‍යවශ්‍ය බව ඒ මහතා පැවසීය.
කෙසේ නමුත් රජය කේ.පී.ටරැකවරණය ලබාදෙන බවත්, ඔහු යටතේ ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන සංවිධානයට අරමුදල් රැස්කිරීමට අවශ්‍ය කටයුතුද සම්පාදනය කර ඇති බවත්හෙතෙම පැවසීය.
එසේම කේ.පී. මත්කුඩු ජාවාරමට ඍජුව සම්බන්ධ වූ අයෙකු බවත් කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.