2014 දැයට කිරුළට සමගාමීව කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුපිරි වෙළඳසැල්, හොටල් ඇතුළු ආහාර පරිහරණය කරන ස්ථාන වැටලීමේ විශේෂ වැඩසටහනක් කුරුණෑගල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂණ කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකය විසින් අද (8) පන්නල ඇතුළු ප්‍රදේශ කිහිපයකදී සිදුකරන ලදී.
මෙහිදී ගිරිඋල්ල, පන්නල, ඇලබඩගම යන ප්‍රදේශවල සුපිරි වෙළඳසැල්, හෝටල් ඇතුළු ආහාර පරිහරණය කරන ස්ථාන වටලා මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන විනාශ කර දැමූ අතර වෙළඳසැල් හිමියයෝ 17 ට නඩු පැවරූහ.
සටහන හා ඡායාරූප - හේමා රාජපක්ෂ