ගවයින්ගේ මුඛ හා කුර රෝගය 2020 වසරෙන් පසුව ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා සියලු කටයුතු ගෙන ඇති බව සත්ත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම වර්තමානයේ පවතින දැඩි නියගය කුර හා මුඛ රෝගය ව්‍යාප්ත වීමට බලපා ඇති ප්‍රධානතම හේතුව බව සත්ත්ව නිශ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය ඩබ්ලිව්. කේ. ද සිල්වා මහතා පවසයි.
සමස්ත ගව ගහණයෙන් 0.05% කට වඩා අඩු ප්‍රතිශතයකට කුර හා මුඛ රෝගය වැළදි ඇති බවත් ඔහු සඳහන් කරයි.