ජනතාවට සහන සලසන බවට හෙට සිට අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල අඩු කරන බව සඳහන් කළත් කුකුල් මස් කිලෝවක පවතින මිලට වඩා රුපියල් සියක වැඩි මුදලක් සඳහන් කිරීම නිසා කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයාගේ භාණ්ඩ මිල අඩු කිරීමේ වාසියක් නොලැබෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.
දින 100 ආණ්ඩුව යටතේ පසුගිය පෙබරවාරි මාසයේදී අත්‍යවශය භාණ්ඩ 13ක මිල අඩු කිරීම යටතේ කුකුළු මස් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 380 ක් බවට සඳහන් කර තිබෙන බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
එහෙත් හෙට සිට ක්‍රියාත්මක වන නව මිල සංශෝධන යටතේ කුකුල් මස් කිලෝවක උපරිම සිල්ලර මිල රු. 480 ක් වී තිබෙන බවද පවසා සිටියේය.