මහජනතාවගේ පරිභෝජනයට නුසුදුසු කුකුළු මස් කිලෝග්‍රෑම් 725 ක් අම්පාර උහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ගොනාගොල්ල ප්‍රදේශයේදී අද (13දා) සොයාගත්හ.
නරක් වූ කුකුළු මස් තොගය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, සැකකරු අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළහ. ඒ අනුව සැකකරුට රුපියල් 3,000 ක දඩයක් නියම වූ අතර, මස් තොගය විනාශ කර දමන ලෙස අධිකරණය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නියම කළේය.