රජය කිසිදු අවස්ථාවක විදේශ අධිකරණ ගෙන එන්නේ නැති බවත් එය බොහොම පැහැදිලිවම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ප්‍රකාශකර ඇති බවත් විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.
ප්රජාතන්ත්රවාදය, සංහිඳියාව, සහ සංවර්ධනය ප්‍රධාන තේමා 3ක් යටතේ රජය කටයුතු කරන බවත් මේ කටයුතු සිදු කිරීමේදී මාධ්‍ය සහ වෙනත් කණ්ඩායම් වැරදි මත පළ කරන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රි ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී ආරම්භ වූ දිසාපති සමුළුවේ ආරම්භක සැසියට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර දේශීය යාන්ත්‍රණයක් තුළ මේ ප්රශ්නය විසඳන බව ද සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රි ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම්, සංහිඳියා සම්බන්ධීකරණ කාර්යාලයේ මනෝරි මුත්තෙටුවෙගම,ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.