නීති විරෝධී අයුරින් රත්රන් කිලෝ 1.1ක් බංග්ලාදේශය බලා රැගෙන යාමට උත්සාහ කළ බංග්ලාදේශ ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු අත්අඩංගුවට පත්ව තිබේ.
බංග්ලාදේශයේ ඩකා නුවර බලා මිහින්ලංකා ගුවන් සේවයට අයත් ගුවන් යානනයකින් පියාසර කිරීමට සැලසුම් කර තිබියදී සැකකරු රේගු අත්අඩංගුවට පත්ව තිබේ.
මෙහි වටිනාකම රුපියල් මිලියන 5ට අධික බවත් සැකකරු තායිලන්තය, චීනය, මැලේසියාව, ඉන්දුනීසියාව හා සිංගප්පූරුව යන රටවල් අතර නිතර සංචාරය කර තිබෙන බවද රේගු නිලධාරීන් අණාවරණය කරගෙන තිබේ.