කිරි නිෂ්පාදනය සඳහා අබේවෙල නව කර්මාන්ත ශාලාවක් ආරම්භකරන බවත් ශ්‍රි ලංකාව කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කරන යුගය ආරමිභ වී ඇති බවත් යි ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී හැරිසන් මහතා පැවසීය. නාරාහේන්පිට ජානකී ශාලාවේදී ජාතික කිරි මණ්ඩලයෙහි ප්‍රාදේශීය අලෙවි නියෝජිතයන් මුණගැසෙමින් ඒ මහතා මේ බව පැවැසීය.
එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය අබේවෙල අළුත් කර්මාන්ත ශාලාව අපිට ලබන මාර්තු වෙනකොට පටන් ගන්න පුළුවන්. එතකොට අපට පුළුවන් තව කිරි ලීටර් ලක්ෂ 2 ක් පිටි කරන්න දවසකට.2017 විතර වෙනකොට බඩල්ගම කර්මාන්ත ශාලාව පටන් ගත්තොත් තවත් කිරි ලීටර් ලක්ෂ 2 ක් විතර දිනකට ඒ කර්මාන්ත ශාලාවෙන් පිටි බවට පත් කරන්න පුලුවන්.