(UPDATE) සියලුම විශ්වවිද්‍යාල සිසුන් සම්බන්ධකර ගනිමින් පවත්වනු ලබන විරෝධතාවක් හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ කොළඹට පැමිණෙන මංතීරුවේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ. මෙම විරෝධතා පාගමන සඳහා 3000කට ආසන්න සිසුහු පිරිසක් සම්බන්ධ වී සිටිති.
........................................................................................................................
කැලණිය විශ්වවිද්‍යාලය තුළ අද (19දා) වෙනත් විශ්වවිද්‍යාලවල සිසුන්ට ගැවසීම තහනම් කිරීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය තීරණය කොට ඇත.
එසේම විශ්වවිද්‍යාලයට ඇතුළු වන සියලුම සිසුන්ගේ අනන්‍යතාව පරීක්ෂා කිරීමටද පොලීසිය කටයුතු කර තිබේ. එසේම විශ්වවිද්‍යාලයට කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් මෙන්ම පොලිස් නිලධාරීන්ද කැඳවා ඇත.
අද (19දා) කැලණිය විශ්වවිද්‍යාලය අසලින් රජරට හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් විසින් විරෝධතාවක් ආරම්භ කිරීමට නියමිතව තිබීම මීට හේතුවයි. නමුත් විශ්වවිද්‍යාලය මෙම විරෝධතාව මර්දනය කිරීම සඳහා විශ්වවිද්‍යාලයට ආරක්ෂක අංශ කැඳවා ඇතැයි සිසුහු චෝදනා කරති.