ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 05 වන බදාදා
බ්‍රිතාන්‍ය අගමැතිවරයා ලෙස වසර හයක් සේවය කිරීමට ලැබීම තම ජීවිතයේ ලැබූ උසස්ම ගෞරවය බව ධුරයෙන් ඉවත්ව යන ඩේවිඩ් කැමරන් පවසයි.
ඩවුනින්ග් වීදියේ, අංක 10 නිවසට සමුදෙමින් තම බිරිඳ හා දරු තිදෙනා සමග ඉවත්ව යමින් අගමැති කැමරන් ඊයේ (13දා) මෙසේ පවසා සිටියේය.
එමෙන්ම, තමන් බලයට පත්වන කාලසීමාවට වඩා අද වනවිට බ්‍රිතාන්‍ය යනු ලෝකයේ බලවත් රාජ්‍යයක් බවද අගමැතිවරයා පවසා සිටියේය.
ඒ අනුව, බකිංහැම් මාලිගයේදී දෙවැනි එළිසබෙත් රැජින හමුවන ඩේවිඩ් කැමරන් සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් භාරදීමෙන් පසුව, නව අගමැතිවරිය ලෙස තේරේසා මේ නිල වශයෙන් හඳුන්වාදීමද සිදුවනු ඇත.
කෙසේ වෙතත්, ඩේවිඩ් කැමරන් තමා අගමැති ධුරය දැරූ කාලය හා මේ නික්ම යෑම පිළිබඳව හැඟීම්බර කතාව සිදුකළ අවස්ථාවේදී වඩාත් ශෝකයට පත් තැනැත්තිය ඔහුගේ බාල දියණිය වූ පස් හැවිරිදි ෆ්ලෝරන්ස් බවට විවාදයක් නොතිබූ බවද විදෙස් මාධ්‍ය පවසා තිබුණි.
popular news
අවුරුදු 50ට අඩු අය අතර වේගයෙන් පිළිකා තත්ත්වයක වර්ධනයක්
කොටි සුනඛ ගැටුම ගැන පරික්ෂණයක්
රෝගී වේදනාව දරාගත නොහැකිව මවක් දුම්රිට පැන දිවි නසා ගනියි
වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල ගණන් මෙන්න
ලක්ෂ 25 විස්කි බොතල් කටුනායකින් පැන්නූ විදේශිකයෙක් අල්ලයි
ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර රජයේ තනතුරක් නෙමෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd