සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් පැවැත්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වූ බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඊයේ (07දා) ජනපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් පැවැති බවත් එහිදී මෙම තීරණය ගත් බවත් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමති පිරිසක් මෙම සාකච්ඡාවකට එක්ව තිබේ.
එහිදී විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය ජනපතිවරයා දන්වා තිබේ.
කෙසේ වෙතත් ඒ පිළිබඳව තීරණයක් ගත යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාව බවත් එසේම ඔවුන් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේද යන්න පිළිබඳව තීරණය ගත යුත්තේද පක්ෂයේ මධ්‍යකාරක සභාව මගින් බවත් ජනපතිවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි.