කැනඩා විදේශ අමාත්‍යවරයෙකු වසර 13කට පසුව ශ්‍රී ලංකාවේ කරනු ලබන පළමු නිල සංචාරය ආරම්භ කරමින් කැනඩා විදේශ අමාත්‍ය ස්ටීවන් ඩියෝන් මතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට (27දා) දිවයිනට පැමිණීමට නියමිතය.
ඔහු අනිද්දා (28දා) හා (29දා) දිවයිනේ රැඳී සිටිමින් ජානපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ඇතුළු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු හා සාකච්ඡා කිරීමට නියමතිය.
29 දා අමාත්‍යවරයා යාපනයේ සංචාරයක නිරතවීමට නියමිත අතර එහිදී ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් හා සිවිල් සංවිධාන නියෝජිතයින් හමුවීමට නියමිතය. එසේම යාපනයේ කැනඩා ආධාර යටතේ ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳවද සොයා බැලීමට නියමිතය.
කැනඩා විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර පවතින රාජ්‍ය ත්‍රාන්ත්‍රික සබඳතා නව මානයකට යොමුවෙනු ඇති බව විදේශ කටයුතු ආමත්‍යාංශය පවසයි.