උතුරුමැද පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය විසින් කෙටි ගමන් පෞද්ගලික බස්රථවලට චක්රීය කාලසටහනක් හඳුන්වාදීමට විරෝධය පළකරමින් අනුරාධපුර නව නගරයෙන් ගමන් ආරම්භ කරන බස් රථවල රියදුරයෝ අද (05දා) උදෑසන සිට විරෝධතාවක නිරත වූහ.
චක්රීය කාලසටහනක් ක්රියාත්මක කිරීමෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවී තිබෙන බව පවසන ඔවුහු, ඒ තමන්ට දිනපතා ලබා දී තිබූ ගමන් වාර වෙනස් වී ආදායම් තත්ත්වය පහත් මට්ටමකට වැටී ඇති බවද පවසති.
අනුරාධපුර නව නගර බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ කරන පදවිය, ශ්රී පුර, වවුනියාව, හොරොව්පතාන, කහටගස්දිගිලිය, ගලෙන්බිඳුණුවැව, කැකිරාව, පොලොන්නරුව යන මාර්ගවලට අයත් බස් රථ මෙසේ විරෝධතාවයෙහි නිරත විය.