ඉදිරි දිනවලදී (විශේෂයෙන්ම 16දා තෙක් පමණ) දිවයිනේ බොහෝ පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් කඳුකර ප්රදේශවලට තද වැසි (මිලි මීටර් 100ක් පමණ) ඇතිවීමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ දැක්වෙයි.
ගිගුරුම් සහිත වැසි සමග ප්රබල අකුණු සහ පැ.කි.මී. 70 - 80 පමණ කෙටි කාලීන තද සුළංද ඇතිවීමේ හැකියාවක් පවතින බව එම නිවේදනයේ දැක්වේ.
එසේම අකුණු හා ගිගුරුම් පවතින අවස්ථාවලදී ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙස එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.