ක්‍රෙඩිට් කාඩ්පත් ඔස්සේ හොරකම් කරන ජාත්‍යන්තර හොර කණ්ඩායම් කිහිපයක් සංචාරක වීසා මගින් ලංකාවට ඇතුළු වී ඇති බවට බුද්ධි අංශ තොරතුරු හෙළි කරගෙන ඇත.
සංවිධානාත්මක ක්‍රෙඩිට් කාඩ් හොරුන් වන මේ කණ්ඩායම් ලෝකය පුරා රට රටවලට සංචාරක වීසා මගින් ඇවිද යමින් ක්‍රෙඩිට් කාඩ් වංචා කිරීමේ යෙදෙන බවද බුද්ධි නිලධාරීන් තොරතුරු අනාවරණය කරගෙන ඇත.
ක්‍රෙඩ්ට් කාඩ් සෑදීම හෝ වෙනස් කිරීම සඳහා භාවිත කරන දත්ත කියැවීමේ උපකරණ ඉතා සූක්ෂම ලෙස යොදාගනිමින් අන් අයගේ ක්‍රෙඩ්ට් කාඩ්වල දත්ත සොරකම් කොට ව්‍යාජ ලෙස සකස් කළ ක්‍රෙඩිට් කාඩ් මගින් ඔවුන් මුදල් වංචා කිරීමේ යෙදෙන බවද බුද්ධි නිලධාරීන් විසින් තොරතුරු හෙළි කරගෙන ඇත.