ක්‍රීඩාව තුළින් නැගෙනහිර, දකුණ, උතුර පළාතේ හෝ සෑම තැනකම බෙදෙන්නේ නැතිව එකතුවෙන්න අවස්ථාව තියෙනන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සඳහන් කරයි.
ඔහු මේ බව පැවසුවේ 07දා ඇරඹෙන මුරලි හාමනී කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව පසුගියදා (01දා) කොළඹදී මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදීය.
"හැමෝගෙම විශ්වාසය ගොඩනගාගන්න එක වැදගත්. මුලදී ඒ පළාත්වලට යද්දී සාමාන්‍ය සැකයක් තියෙනවා. නමුත් ක්‍රමක්‍රමයෙන් අපිව දැන හඳුනගෙන අපි කරන්න යන දේ හොඳයි කියන එක ගැන ඒ අයට දැන් අවබෝධයක් ලැබිලා තියෙනවා. දැන් සහභාගීත්වය හොඳයි. ඉදිරියට යන්න යන්න සහභාගීත්වය වැඩිවෙයි.
ඒ වගේම අපි බලන්නෙ අද නෙමෙයි, හෙට නෙමෙයි, තව අවුරුදු කිහිපයකින් සමාජයත් සුවපත් කරලා, ක්‍රීඩාව තුළින් සැකය නැති කරගෙන රටක් ලෙස ඉදිරියට යන්නේ කොහොමද කියන දේ ගැන අවබෝධයක් ලබාගන්නයි. මේක එක් පියවරක් විතරයි.
අපිට ලොකු විශ්වසයක් තියෙනවා ක්‍රීඩාව තුළින් නැගෙනහිර, දකුණ, උතුර පළාතේ හෝ සෑම තැනකම බෙදෙන්නේ නැතිව එකතුවෙන්න අවස්ථාව තියෙනවා කියලා. කොළඹ, නැත්නම් දකුණෙ ඉන්න අයට ගුණජය සතුට පදනම ගැන ලොකු වැටහීමක් නෑ. අපි මොනවද කරන්නෙ කියලා දන්නේ නෑ. මෙහෙනුත් කට්ටිය උතුරට ගිහිල්ලා අපි මොනවද කරන්නෙ කියලා බලන්න පුළුවන් නම් ලොකු දෙයක්. අපිට ලොකු හයියක්. ඒ වගේම මේක තවත් ඉදිරියට යනවා. තරගාවලියට ඇවිල්ලා ළමයි ක්‍රීඩාකරන ආකාරය බලන්න. ඒක ජීවිතය වෙනස් කරන අත්දැකීමක්" යැයි සංගා සඳහන් කළේය.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ